ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම මෙන්න

අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(30) නිවේදනය කළා.

එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු එම සම්මානය සදහා නිර්දේශ කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඒ අනුව එංගලන්තයෙන් ඊට නම් කර ඇත්තේ නායක බෙන් ස්ටොක්ස් හා ජොනී බෙයාර්ස්ටව්.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා මෙන්ම දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා ද අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්.

නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Ben Stokes – England

870 runs and 26 wickets in 15 matches; nine wins as captain

Jonny Bairstow – England

1061 runs in 10 matches

Usman Khawaja – Australia

1080 runs in 11 matches

Kagiso Rabada – South Africa

47 wickets in nine matches

big 3