ICC මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන ශ්‍රී ලංකාවට

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක මෙවර සමත්ව තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද, ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම ද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මීට පෙර මෙම වසරේ මාර්තු මාසයේ දී කමිදු මෙන්ඩිස් විසින් ද මෙම සම්මානය දිනා ගත් අතර, ඒ අනුව 2024 වසරේ දී මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු එම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

පසුගිය මැයි හා ජූලි මාසවලදී මාසයේ ක්‍රීඩිකාව සම්මානයෙන් චමරි අතපත්තු පිදුම් ලැබූ පසුබිමකයි හර්ෂිතා සමරවික්‍රම පසුගිය මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ.

top
Comments (0)
Add Comment