ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය (USAC) විසින් සිය නව ප්‍රධාන විධායක නිළධාරී ලෙස Johnathan Atkeison පත් කර තිබෙනවා.
ඒ, සාමාජිකත්වය අත්හිටුවීමට හෝ නෙරපා හැරීමට කටයුතු කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පසුගිය සතියේ දී ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයට එරෙහිව අනතුරු ඇගවීමක් සිදු කර තිබූ පසුබිමකයි.
ICC සාමාජිකත්ව නිර්ණායකවලට අනුකූල නොවී ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවත්, එය නිවැරැදි කර ගැනීම සදහා ඔවුන්ට වසරක කාලයක් ලබා දෙන බවත් අයි.සී.සීය දැනුම් දී තිබුණා.
ඇමෙරිකා ක්‍රිකට් ආයතනය යහපත් පාලනයක්, පරිපාලන ව්යුහයක් සහ පද්ධතියක් පවත්වාගෙන නොයන බවටයි අයි.සී.සීය පෙන්වා දී තිබුණේ.
ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය ICC සාමාජිකත්ව නිර්ණායකවලට අදාළ කරුණු දෙකක් උල්ලංඝනය කර තිබූ අතර, ඉන් එක් කරුණක් වූයේ පූර්ණකාලීන ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැති වීමයි.
මෙම නව පත් කිරීමත් සමග එම ගැටලුව විසදා ගැනීමට ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයට හැකි වී තිබෙනවා.
එරට ක්‍රිකට් ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ පිළිගැනීමක් නොතිබීම ද ඔවුන් මුහුණ දී සිටින තවත් ගැටලුවක්. ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ පාලන සම්මතයන්ට අනුකූල නොවීම හේතුවෙනුයි ඇමෙරිකා ක්‍රිකට් ආයතනයට මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව ඇත්තේ.