වසර හතකට පසුව පැවැත්වීමට නියමිත හොං කොං සික්සර්ස් සය සාමජික ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් පළමු වැනිදා සිට 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලහිරු මදුශංක විසින් මෙහෙයවීමට නියමිතයි.
තරගාවලිය සදහා කණ්ඩායම් 12ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලියට තරග 29ක් ඇතුළත්.
අවසන් වරට 2017 වසරේ දී පැවැති හොං කොං සික්සර්ස් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව 2007 වසරේදී එහි ශූරතාව ජය ගත්තා.
ශ්‍රී ලංකා සංචිතය –
ලහිරු මදුෂංක (c), තනුක දාබරේ, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, ධනංජය ලක්ෂාන්, නිමේශ් විමුක්ති, සඳුන් වීරක්කොඩි