Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද(1) ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කඩුලු දෙකක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.
නායක Vinayak Shukla පන්දු 18 කින් ලකුණු 49 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර හයක් හා හතරේ පහරක් ඇතුළත්.
පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 4 කට කඩුල්ලක් දවා ගත් අතර, ලහිරු මදුෂංක ලකුණු 16 කට කඩුල්ලක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 4.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබා ජය තහවුරු කර ගත්තා.
වේගවත් ආරම්භයක් ලබා දුන් සදුන් වීරක්කොඩි පන්දු 7කින් හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමග ලකුණු 28 රැස් කළා.
තනුක දාඹරේ ලකුණු 18(7) යි. නායක ලහිරු මදුෂංක නොදැවී ලකුණු 15(5) ක් හා ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 20(6) ක් රැස් කළා.
අද පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතව තිබෙනවා. එම තරගය පස්වරු 2:15 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය Star Sports 1 ඔස්සේ සජීවීව විකාශය කෙරනවා.
— cric sl (@cricslvideo) November 1, 2024