සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
අද තරගයේ දී මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 166 වැනි ක්‍රීඩකයායි.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal (wk), Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando, Milan Rathnayake
England XI:
Dan Lawrence, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir