CWG 2022 Update : ශ්‍රී ලංකාව පළමු පදක්කම හිමි කර ගනියි

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී සිය පළමු පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව අද දහවල් සමත් වුණා.

පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ බර එසවීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එලෙස ලෝකඩ පදක්කමක් හිමි කර දීමට සමත් වුණේ දිලන්ක ඉසුරු කුමාර ක්‍රීඩකයායි.

ඔහු Snatch ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 105 ක් ද, Clean & Jerk ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 120 ක් ද එසවීමට සමත් වුණා.

ඒ අනුව දිලන්ක ඉසුරු කුමාර ඔසවනු ලැබූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 225 ක්.

මැලේසියාවේ MOHAMAD ANIQ එහි රන් පදක්කමත්, ඉන්දියාවේ Mahadev SARGAR එහි රිදී පදක්කමත් හිමි කර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Comments (0)
Add Comment