CT25 : සයීම් අයුබ් තරගාවලියෙන් ඉවතට – ෆර්ගසන්ටත් ආබාධයක්

පාකිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන සයීම් අයුබ්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, ඔහු දකුණු අප්‍රිකාවේදී මුහුණ දුන් වළලුකර ආබාධයෙන් මෙතෙක් සුවය ලබා නොමැති බැවින්.

ඔහුට අවම වශයෙන් තවත් සති පහක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති.

මේ අතර, නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් ද පාදයක ආබාධයකට ලක්ව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේදී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට ශූරයින්ගේ කුසලානය අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව සදහන්.

top
Comments (0)
Add Comment