ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය සමග පෙබරවාරි 26 වැනිදා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.
ඒ, ඇෆ්ඝනිස්තානයේ තලේබාන් පාලනය යටතේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම පදනම් කර ගනිමින් එම තරගය වර්ජනය කරන ලෙසට එංගලන්ත ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වූ පසුබිමකයි.
එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති Richard Thompson පෙන්වා දෙන්නේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට වඩා “සම්බන්ධීකරණය වූ ජාත්‍යන්තර ප්‍රතිචාරයක්” මෙම ගැටලුව විසදීමට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.