CT25 : අවසන් පූර්ව තරගය අභියස ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනසක්

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සංචිතයට Cooper Connolly ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරගයේදී ආබාධයකට ලක් වූ මැට් ශෝර්ට් වෙනුවටයි.

වමත් පිතිකරුවෙකු හා වමත් දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන 21 හැවිරිදි Connolly ඔස්ට්‍රේලියානු සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මෙතෙක් සෙසු ක්‍රීඩකයින් සමග රැදී සිටියා.

ඒ අනුව ඔහු ඉන්දියාව සමග හෙට(4) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ද සලකා බැලීමට ඔස්ට්‍රේලියාවට හැකිවනවා.

Comments (0)
Add Comment