Cooper Connolly T20 තරගාවලියෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cooper Connolly හට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පර්ත්හි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහුගේ වම් අතෙහි සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 17 වැනි පන්දුවාරයේදීයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ. මොහමඩ් හස්නයින් විසින් යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි පන්දුව වම් අතෙහි වැදීම හේතුවෙන් අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඔහු වෙනුවට Josh Philippe විස්සයි 20 සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Comments (0)
Add Comment