එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත Dubai Capitals කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ද Capitals කණ්ඩායම සමග එක්වීමත් සමගයි.
එම කණ්ඩායම විසින් සිය සංචිතය සමග එක් වූ ක්‍රීඩකයින්ගේ නම් නිවේදනය කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කළ අතර, මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු නම් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වුණා.
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමගයි Dubai Capitals කණ්ඩායම එලෙස ගිවිසුම්ගත වී තිබුණේ.
ඊට අමතරව කොදෙව් දූපත්හි රොව්මන් පවෙල් හා ෆේබියන් ඇලන් මෙන්ම ඇෆ්ඝනිස්තානයේ මුජීබ් උර් රහ්මාන් ද එම කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කළ හැකියි.
සංචිතයකට ඇතුළත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් වන අතර, සෙසු ක්‍රීඩකයින් 14 දෙනා විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.
2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගය සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.