BPL තරගයකට ඔන්න මෙන්න කියා තිබියදී පුහුණුකරුවෙක් ක්‍රීඩාංගනයේදී මිය යයි

බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන Mahbub Ali Zaki හෘදයාබාධයක් වැළදී මිය ගොස් තිබෙනවා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ Dhaka Capitals කණ්ඩායම හා Rajshahi Warriors කණ්ඩායම අතර Sylhet හීදී අද පැවැති තරගය ආරම්භ වීමට පෙරයි ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ.

Mahbub Ali Zaki ඩකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළා.

තරගය සදහා කණ්ඩායමේ ක්‍රීඩකයින් සූදානම් වෙමින් සිටියදී ඔහු ඇද වැටී තිබූ බව සදහන්.

අනතුරුව 59 හැවිරිදි ඔහුව රෝහල් ගත කෙරුණු අතර, එහිදී Zaki මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගය නියමිත පරිදි පැවැත්වුණේ ඔහුගේ අභාවය වෙනුවෙන් මිනිත්තුවක නිහඩතාවයක් පැවැත්වීමෙන් අනතුරුවයි.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment