සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (22) ආරම්භ කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්.
පළමු තරගය පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් හෙට පෙරවරු 7:50 ට ආරම්භ කිරීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Chris Gaffaney හා Richard Kettleborough කටයුතු කරන අතර, තෙවන විනිසුරු ලෙස Richard Illingworth කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනවා.
මේ අතර, තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඩ් ද ඇතුළත්ව සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
විස්තර විචාරක කමිටුව –
English: Mark Nicholas, Matthew Hayden, Ravi Shastri, Sunil Gavaskar, Wasim Akram, Murali Vijay, Russell Arnold
Hindi: Ravi Shastri, Wasim Akram, Cheteshwar Pujara, Sunil Gavaskar, Sanjay Manjrekar, Jatin Sapru, Deep Dasgupta