ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත ක්‍රීඩිකා Bella James හට අහිමි වී තිබෙනවා.
ඒ, ඇයගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්. නවසීලන්ත දේශිය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන Hallyburton Johnstone Shield තරගාවලිය යටතේ පැවැති Otago හා Central Districts කණ්ඩායම් අතර තරගයේදීයි ඇය මෙම ආබාධයට මුහුණ දුන්නේ.
ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සදහා ඇයට සති තුනත් – හයත් අතර කාලයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ඇය වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Lauren Down. ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා Bella James හට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි ඉදිරියේදී තීරණය කරනු ඇති.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.