Asian Legends League මාර්තු 10 වැනිදා සිට – ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දීය හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මාගේ මූලිකත්වයෙන් දියත් කෙරෙන නව ක්‍රිකට් ලීගයක් වන Asian Legends League (ALL T20) ක්‍රිකට් තරගාවලියේ සංවිත හා තරග කාලසටහන මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ආසියාවේ විශිෂ්ටතම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්වන තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ (Sri Lanka Lions) නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිසර පෙරේරා විසිනුයි.

තරගාවලිය මාර්තු 10 වැනිදා රාජස්ථාන්හි Nathdwara හීදී ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය විස්සයි 20 තරග රටාවෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Sri Lankan Lions කණ්ඩායම හැරුණු විට Indian Royals, Bangladesh Tigers, Afghanistan Pathans හා Asian Stars යන කණ්ඩායම් තරගාවලියට එක්වනවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Draft) හරහා කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

Asian Stars කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාවන් අතපත්තු ද, Bangladesh Tigers කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂල් ගිබ්ස් ද, Afghanistan Pathans කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශිවනරීන් චන්ද්‍රපෝල් ද කටයුතු කිරීමට නියමිතයි.

Schedule:

March 10, 3 PM: Afghanistan Pathans vs Asian Stars

March 10, 7 PM: Indian Royals vs Bangladesh Tigers

March 11, 3 PM: Bangladesh Tigers vs Afghanistan Pathans

March 11, 7 PM: Indian Royals vs Sri Lankan Lions

March 12, 3 PM: Sri Lankan Lions vs Afghanistan Pathans

March 12, 7 PM: Bangladesh Tigers vs Asian Stars

March 13, 3 PM: Asian Stars vs Sri Lankan Lions

March 13, 7 PM: Indian Royals vs Afghanistan Pathans

March 14, 3 PM: Sri Lankan Lions vs Bangladesh Tigers

March 14, 7 PM: Indian Royals vs Asian Stars

Eliminator 1: March 15, 3 PM: Rank 4 vs Rank 5

Qualifier 1: March 15, 7 PM: Rank 1 vs Rank 2

Eliminator 2: March 16, 7 PM: Rank 3 vs Winner Eliminator 1

Qualifier 2: March. 17, 7 PM: Looser Qualifier 1 Winner Eliminator 2

Final: March 18, 7 PM: Qualifier 1 vs Qualifier 2

Comments (0)
Add Comment