ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ හා දිල්ෂාන් මදුෂංක පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
D Gunathilaka, P Nissanka, K Mendis, C Asalanka, B Rajapaksa, D Shanaka, W Hasaranga, C Karunaratne, M Theekshana, D Madushanka, M Pathirana
Afghanistan XI:
Zazai, Gurbaz, I Zadran, Janat, N Zadran, Nabi, Rashid, Omarzai, Naveen, Ur Rahman, Farooqi