නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (Asia Cup Rising Stars) සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
තරගාවලිය කටාර්හීදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
තරගාවලියේදී ශ්‍රී ලංකා A කණ්ඩායම ‘A’ කාණ්ඩයෙන් තරග වදිනවා. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා හොංකොං චීන කණ්ඩායමයි.
ශ්‍රී ලංකා A කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නොවැම්බර් 15 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වෙනවා.
ප්‍රමෝද් මදුෂාන් ද සංචිතයට නම් කර ඇති අතර, ඔහු මේ දිනවල පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා A සංචිතය සමග එක්වීමට නියමිතයි.
The Squad
1.) Dunith Wellalage – Captain
2.) Nishan Madushka
3.) Vishen Halambage
4.) Lasith Croospulle
5.) Nuwanidu Fernando
6.) Ahan Wickramasinghe
7.) Sohan de Livera
8.) Sahan Arachchige
9.) Ramesh Mendis
10.) Vijayakanth Viyaskanth
11.) Traveen Mathew
12.) Pramod Madushan
13.) Milan Rathnayake
14.) Isitha Wijesundera
15.) Garuka Sanketh