Asia Cup 2025 : පාකිස්තාන සංචිතය නම් කෙරේ – ප්‍රබලයින් දෙදෙනෙක් ඉවතට

2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයෙන් බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හීදී පාදයක ආබාධයකට ලක් වූ ෆකාර් සමාන් ආබාධයෙන් සුවය ලබා ඇති බැවින් සංචිතයට නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස සල්මන් ආගා කටයුතු කරනවා.

ආසියානු කුසලානයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි 20 තරගාවලිය සදහා ද මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා  ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Pakistan squad for the UAE tri-series and Asia Cup

Salman Agha (c), Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Hasan Nawaz, Hussain Talat, Khushdil Shah, Mohammad Haris (wk), Mohammad Nawaz, Mohammad Wasim, Sahibzada Farhan, Saim Ayub, Salman Mirza, Shaheen Shah Afridi, Sufyan Moqim

top
Comments (0)
Add Comment