Abu Dhabi T10 : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7ක් ගිවිසුම්ගත වෙයි – කණ්ඩායම් ගණන 10 ක් දක්වා ඉහළට

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් විසින් සංචිතයේ රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග සෘජුව ගිවිසුම්ගත වීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු සංචිතවල රදවා ගැනීමටත් කණ්ඩායම් කිහිපයක් විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියට නව කණ්ඩායම් දෙකක් ද එක් වන අතර, ඒ අනුව මෙවර තරගාවලියට ක්‍රීඩා කරන සමස්ත කණ්ඩායම් ගණන 10 ක්.

තරගාවලියට එක්වන නව කණ්ඩායම් දෙක වන්නේ UP Nawabs හා Bolts Ajman යන කණ්ඩායම් දෙකයි.

New York Strikers කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමග සෘජුව ගිවිසුම්ගත වී තිබෙනවා.

Deccan Gladiators කණ්ඩායම විසින් මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගෙන ඇති අතර, වනිදු හසරංග Delhi Bulls කණ්ඩායම සමග සෘජුව ගිවිසුම්ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

දසුන් ශානක Bangla Tigers සංචිතයේ රදවා ගෙන තිබෙනවා. වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්නේ Chennai Brave Jaguars කණ්ඩායමටයි. එම කණ්ඩායම විසින් නුවන් තුෂාර හා තිසර පෙරේරා සමග සෘජුව ගිවිසුම්ගත වී ඇති අතර, භානුක රාජපක්ෂ සංචිතයේ රදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ඉන්දීය හිටපු ක්‍රීඩක දිනේෂ් කාර්තික් හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමග සෘජුව ගිවිසුම්ගත වීමට Bangla Tigers කණ්ඩායම පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්. ජොස් බට්ලර් හා මර්කස් ස්ටොයිනිස් වැනි ක්‍රීඩකයින් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

New York Strikers
New Signings: Matheesha Pathirana, Donovan Ferreira
Retentions: Kieron Pollard, Mohammad Amir, Sunil Narine, Akeal Hossain, Muhammad Waseem, Muhammad Jawadullah

Deccan Gladiators
New Signings: Jos Buttler, Anrich Nortje, Marcus Stoinis
Retentions: Maheesh Theekshana, Nicholas Pooran, Andre Russell, Tom Koher-Cadmore, Zahoor Khan

Delhi Bulls
New Signings: Wanindu Hasaranga, Tim David, Romario Shepherd, Matthew Wade
Retentions: Rovman Powell, Muhammad Rohid, Naveen-ul-Haq, Fazlahaq Farooqi, James Vince

Team Abu Dhabi
New Signings: Jonny Bairstow, Lockie Ferguson, Shimron Hetmyer, AM Ghazanfar
Retentions: Phil Salt, Noor Ahmad, and Kyle Mayers

Northern Warriors
New Signings: Trent Boult, Finn Allen, Johnson Charles, Sherfane Rutherford, Saqib Mahmood
Retentions: Colin Munro, Azmatullah Omarzai, Ankur Sangwan

Morrisville Samp Army
New Signings: David Willey, Imad Wasim
Retentions: Faf du Plessis, Qais Ahmad, Andries Gous

Bangla Tigers
New Signings: Shakib Al Hasan, Rashid Khan, Liam Livingstone, Iftikhar Ahmed, Dinesh Karthik
Retentions: Hazratullah Zazai, Dasun Shanaka, Josh Little

Chennai Brave Jaguars
New Signings: Chris Lynn, Nuwan Thushara, Thisara Perera, Dan Lawrence, Rassie van der Dussen
Retentions: Aayan Khan, George Munsey, Bhanuka Rajapaksa

UP Nawabs
New Signings: Rahmanullah Gurbaz, Dawid Malan, Tymal Mills, Adil Rashid, Andre Fletcher

Bolts Ajman
New Signings: James Neesham, Mujeeb Ur Rahman, Lungi Ngidi, Gulbadin Naib, Haider Ali

Comments (0)
Add Comment