Abu Dhabi T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු තෝරා ගැනේ

Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ (9) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී කණ්ඩායම් 8 විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ඒ අතරට ඇතුළත්ව තිබෙනවා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිතවල රදවා ගැනීමට හා සෘජුවම ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව Morrisville Samp Army කණ්ඩායම සදහා මහීෂ් තීක්ෂණ ද, Northern Warriors කණ්ඩායම සදහා වනිදු හසරංග හා ඇන්ජෙලෝ මැතිව්ස් ද, Bangla Tigers කණ්ඩායම සදහා මතීෂ පතිරණ ද කෙටුම්පත් කිරීමට පෙරම ඇතුළත්ව සිටියා.

ඊට අමතරව චරිත් අසලංක හා භානුක රාජපක්ෂ ඇතුළත්ව සිටියේ Chennai Braves සංචිතය වෙනුවෙනුයි.

කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරා ගැණුනා. ඒ අනුව මෙවර තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රමාණය 14 ක්.

තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • කුසල් මෙන්ඩිස් – Bangla Tigers
  • නුවන් තුෂාර – Deccan Gladiators
  • දුනිත් වෙල්ලාලගේ – Delhi Bulls
  • ලහිරු කුමාර – New York Strikers
  • චාමික කරුණාරත්න – New York Strikers
  • ලසිත් කෘෘස්පුල්ලේ – New York Strikers
  • කුසල් පෙරේරා – New York Strikers
  • ඩිල්ෂෘන් මදුෂංක – Team Abu Dhabi
big 3
Comments (0)
Add Comment