5 වැනි T20 තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 3-1 ක් ලෙස එංගලන්තයට

Match Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති පස්වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව මෙරට වේලාවෙන් අද(18) අලුයම නිමා වුණා.

ශාන්ත ලුසියාහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර පහක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 44 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

එවින් ලුවිස් නොදැවී ලකුණු 29(20) ක් හා ෂේයි හෝප් නොදැවී ලකුණු 14(10) ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

අනතුරුව ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-1 ක් ලෙස එංගලන්තයට ජය හිමි කර දෙමින් නිමාවට පත් වුණා.

top
Comments (0)
Add Comment