5 වැනි අලුබදුන ටෙස්ට් තරගය පර්ත් නුවරින් ඉවත් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය පර්ත් නුවරින් ඉවත් කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම් පදනම් කර ගනිමින්.

එළඹෙන 8 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අලුබදුන තරගාවලිය අවසන් වීමට නියමිතව තිබුණේ ජනවාරි 14 වනදා පර්ත්හී දී ආරම්භ වන ටෙස්ට් තරගයෙන්.

පර්ත් නුවරින් එම තරගය ඉවත් කිරීම මේ වන විට තහවුරු කර ඇතත්, අවසන් තරගය පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩංගනයකදී දැයි මෙතෙක් තීරණය කර නැහැ.

Comments (0)
Add Comment