2nd TEST : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – නිශාන්ට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගාල්ලේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව මීට පෙර නිවේදනය කර තිබූ පරිදි රමේෂ් මෙන්ඩිස් හා ලහිරු කුමාර කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් හා මිලාන් රත්නායකයි. නිශාන් පීරිස් ක්‍රීඩා කරන මංගල ටෙස්ට් තරගය මෙයයි.

නවසීලන්තය මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

New Zealand: 

Devon Conway, 2 Tom Latham, 3 Kane Williamson, 4 Rachin Ravindra, 5 Daryl Mitchell, 6 Tom Blundell (wk), 7 Glenn Phillips, 8 Mitchell Santner, 9 Tim Southee (capt), 10 Ajaz Patel, 11 Will O’Rourke

Sri Lanka:

Dimuth Karuanaratne, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhananjaya de Silva (c), Kusal Mendis (wk), Milan Rathnayake, Prabath Jayasuriya, Nishan Peiris, Asitha Fernando

top
Comments (0)
Add Comment