21 වන සියවසේ පන්දු යවන්නා ලෙස මුරලි තේරී පත් වෙයි; සංගාට පිතිකරුවන්ගෙන් දෙවැනි තැන

21 වන සියවසේ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තේරී පත්ව තිබෙනවා.

ඒ, විස්තර විචාරක මඩුල්ලක සහ ස්ටාර් ස්පෝර්ට් මාධ්‍ය ආයතනයේ ප්‍රේක්ෂකයින්ගේ මනාපය අනුවයි.

ෂේන් වෝර්න්, ඩේල් ස්ටේන් සහ ග්ලේන් මැක්ග්‍රාත් ද අවසන් සිව් දෙනා අතරට තේරී පත්ව තිබුණා.

ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන මුත්තායි මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් බිද හෙලා තිබූ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 795ක්. (ලෝක කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක් ද දවා ගෙන ඇත.)

21 වන සියවසේ ටෙස්ට් පිතිකරුවා ලෙස තේරී පත්ව ඇත්තේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්.

ඔහුට ප්‍රබල සටනක් ලබා දීමට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරට හැකි වීම විශේෂත්වයක්.

popularSRI LANKA NEWS
Comments (0)
Add Comment