2025 ආසියානු කුසලාන පිරිමි ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දරන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය පවසනවා.
2024 -2027 අතර කාලයට ඇතුළත් ආසියානු කුසලාන තරගාවලියන්ට අදාළව අනුග්‍රාහකයින් සොයා ගැනීම සදහා නිකුත් කර ඇති ලියකියවිලිවල (Invitation for Expressions of Interest (“IEOI”) මේ බව සදහන්.
ඒ අනුව මෙම කාලයේ දී පහත සදහන් තරගාවලි 5 පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය සැලසුම් කර තිබෙනවා.
- Men’s Asia Cup Tournament; (2025,2027)
- Women’s Asia Cup Tournament; (2026 – T20)
- Men’s Under 19 Asia Cup Tournament; (2024, 2025, 2026, 2027 – 50-over)
- Men’s Emerging Teams Asia Cup Tournament; (2024, 2025, 2026, 2027 – T20/50-over)
- Women’s Emerging Teams Asia Cup Tournament. (2025, 2027 – T20)
2023 පිරිමි ආසියානු කුසලානය එක්දින තරග රටාවෙන් පැවැති බැවින් 2025 අදියර පන්දුවාර විස්සයි 20 තරග රටාවෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහරුවක් ලෙස ද එම තරගාවලිය යොදා ගනු ඇති.
මේ අතර, 2027 පිරිමි ආසියානු කුසලාන තරගාවලිය එක්දින තරග රටාවෙන් බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2027 එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ද වශයෙන් එම තරගාවලිය යොදා ගැනීම ඊට හේතුවයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක් පිරිමි ආසියානු කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කිරිමට නියමිතයි. තරගාවලියක් සදහා තරග 13 ක් ඇතුළත්.
2023 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජයට පත් කළ ඉන්දියාව වත්මන් ආසියානු ශූරයින් ලෙසයි 2025 අදියර සදහා ක්‍රීඩා කරන්නේ.
2023 තරගාවලිය පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැති නමුත්, ඉන්දියාව එරටට යාම ප්‍රතික්ෂේප කළ බැවින් ඉන්දියාව ක්‍රීඩා කළ සියලු තරග පැවැත්වීමට සිදු වූයේ ශ්‍රී ලංකාවේ දී යි.