2025 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අද(09) ආරම්භ වනවා. සැප්තැම්බර් 28 වැනිදා දක්වා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.
පළමු වරට කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක්. එය පෙර පැවති තරගාවලියට වඩා කණ්ඩායම් දෙකක වැඩිවීමක්.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව “B” කාණ්ඩයෙන් තරග වදිනවා. එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, හොංකොං හා ඇෆ්ගනිස්තානයයි.
ඉන්දියාව සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරග වදින අතර, ඉන්දියාව හා පාකිස්තානය අතර මූලික වටය යටතේ පැවැත්වෙන තරගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. “A” කාණ්ඩයට ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් වනවා.
තරගාවලිය දින 17 ක් පුරා පැවැත්වෙන අතර, සෑම කාණ්ඩයකින්ම පළමු ස්ථාන දෙක හිමි කරගන්නා රටවල් සුපිරි 4 වටයට සුදුසුකම් ලබනවා.
සුපිරි 4 වටයේ පළමු ස්ථාන දෙක හිමි කරගන්නා රටවල් දෙකයි සැප්තැම්බර් 28 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ.
ලබන වසරේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලිය T20I ආකෘතියෙන් පැවැත්වෙනවා.
විකාශන තොරතුරු
තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Sony Sports Network සමාගම සතුයි. ඒ අනුව Dialog TV පාරිභෝගිකයින්ට මෙම තරගාවලිය Ten Cricket (Ch no.65), Sony Sports Ten 1 (Ch no.64) හා Sony Sports Ten 5 HD (Ch no.124) යන නාලිකා ඔස්සේ නැරඹිය හැකි බවයි වාර්තා වන්නේ. ඊට අමතරව Dialog ViU යෙදුම ඔස්සේ ද තරග නැරඹිය හැකි වනු ඇති.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ සිරස මාධ්‍ය ජාලයයි. ඒ අනුව TV1 නාලිකාව ඔස්සේ තරග නැරඹිය හැකියි.
එමෙන්ම ඩිජිටල් විකාශන අයිතිය ද සිරස මාධ්‍ය ජාලය සතු වන බැවින් www.sirasatv.lk වෙබ් අඩිවයට පිවිසීමෙන් ඔබට තරගාවලිය නැරඹිය හැකියි.
තරග කාලසටහන –
ජාත්‍යන්තර විස්තර විචාරකයින් –