ශ්‍රී ලංකා සංචාරයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන නවසීලන්ත කාන්තා සීමිත පන්දුවාර සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත් අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙරට දී ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නවසීලන්ත සංචිතයට Isabella Gaze හා Rosemary Mair යළි කැදවා ඇති අතර, පෞද්ගලික හේතුවක් මත Lauren Down හා දණහිසක ශල්‍යකර්මයකට ලක්ව සුවය ලබමින් සිටින Hayley Jensen සංචිතයට නම් කර නැහැ.

නවසීලන්ත කාන්තා කණ්ඩායම ජූනි 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජූනි 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි හා තෙවැනි තරග ද පිළිවෙලින් ජූනි 30 වැනිදා හා ජූලි 3 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 10 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

NZ Squad :

Sophie Devine (c), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Izzy Gaze (wk), Maddy Green, Brooke Halliday, Fran Jonas, Melie Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu

Comments (0)
Add Comment