2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව අද(7) ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව සිරස මාධ්‍ය ජාලය විසින් ලෝක කුසලාන තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සතු වන්නේ සිරස මාධ්‍ය ජාලයටයි.
මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය යන රටවල් ද ලෝක කුසලානය සදහා තරග කිරීමට නියමිතයි.
- Also Read : ලෝක කුසලානයට නෙදර්ලන්ත සංචිතය නිවේදනය කෙරේ
ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා දිල්ලි හී දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.