2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ, අයි.සී.සී තරගාවලියක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරමින්.
සති හයකට වැඩි කාලයක් ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 1,250,307 ක් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් අයි.සී.සී තරගාවලියක් නැරඹීමට පැමිණ තිබුණේ 2015 ලෝක කුසලානයේ දී යි.
නවසීලන්තයේ දී හා ඔස්ට්‍රේලියාවේ දී පැවැති එම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් 1,016,420 ක් පැමිණ තිබුණා.
එංගලන්තයේ දී හා වේල්ස් හී දී පැවැති 2019 ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින් ප්‍රමාණය 752,000 ක්.