1st Test : පාකිස්තාන හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් නිවේදනය කෙරේ ; දෙදෙනෙකුට ටෙස්ට් වරම්

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(14) පර්ත් හී දී ආරම්භ වනවා.

තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ද අද දිනයේ දී දෙරටේ ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කළා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකයින් ලෙස ට්‍රැවිස් හෙඩ් හා ස්ටීව් ස්මිත් පත් කර තිබෙනවා.

අලුබදුන අවසන් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ආබාධයකින් සුවය ලැබූ නේදන් ලයන් කණ්ඩායමට නම් කර ඇත්තේ ටොඩ් මර්ෆි වෙනුවටයි.

ඩේවිඩ් වෝනර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස නම් කර ඇති අතර, ඔහු පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියට සමු දීමටයි සූදානමින් පසුවන්නේ.

පාකිස්තානය වෙනුවෙන් මෙම තරගයේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බව අද නිවේදනය කෙරුණා.

ඒ අනුව වේග පන්දු යවන්නන් වන Aamir Jamal හා Khurram Shahzad හෙට තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.

අබ්‍රාර් අහ්මඩ් ආබාධයක් හේතුවෙන් මෙම තරගයෙන් ඉවත් කර ඇති බැවින් මෙම තරගය සදහා පාකිස්තානය වෙනුවෙන් කිසිදු විශේෂඥ දග පන්දු යවන්නෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී ආගා පමණක් දග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ රැදී සිටිනවා.

පළමු ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 7.50 ට ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Mitch Marsh, Alex Carey, Mitchell Starc, Pat Cummins (c), Nathan Lyon, Josh Hazlewood

Pakistan XI:

Imam-ul-Haq, Abdullah Shafique, Shan Masood (c), Babar Azam, Saud Shakeel, Sarfaraz Ahmed (wk), Salman Ali Agha, Faheem Ashraf, Shaheen Shah Afridi, Aamir Jamal, Khurram Shahzad

Comments (0)
Add Comment