1st T20I : මිලර්ගේ හා ලින්ඩේගේ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකාවට ජය

Match Report

ඩේවිඩ් මිලර්ගේ විශිෂ්ඨ පිතිහරඹය හා ජෝර්ජ් ලින්ඩේගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඩර්බන්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 183 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 172 ක් පමණයි.

නම් දැරූ පිතිකරුවන්ගෙන් දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක අනර්ඝ ඉනිමක් දියත් කළ ඩේවිඩ් මිලර් පන්දු 40 කින් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ජෝර්ජ් ලින්ඩේ ලකුණුු 48 ක් ලබා ගත්තේ පන්දු 24 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 3 ක් හා අබ්‍රාර් අහ්මඩ් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් රිස්වාන් පන්දු 62 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74 ක්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. සයීම් අයුබ් ලකණු 31(15) යි.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

Comments (0)
Add Comment