නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි පියවර ගත්තේ.
තරගය නවසීලන්තයේ වෙලින්ටන්හීදී පැවැත්වෙන අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 216 වැනි ක්‍රීඩකයායි.
චමිදු වික්‍රමසිංහ හා ලහිරු කුමාර ද අද තරගය සදහා ක්‍රීඩා කරනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (wk), Kamindu Mendis, Charith Asalanka (c), Janith Liyanage, Chamindu Wickramasinghe, Wanindu Hasaranga, Lahiru Kumara, Eshan Malinga, Asitha Fernando
New Zealand XI:
Will Young, Rachin Ravindra, Mark Chapman, Daryl Mitchell, Glenn Phillips, Mitchel Hay (wk), Mitchell Santner (c), Nathan Smith, Matt Henry, Jacob Duffy, Will O’Rourke