ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවැනි අදියර කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර මෙවර තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, එම කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි හා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බවත්, එම නිසා විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා සලකා බලා තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවත්, ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

popularSRI LANKA NEWS
Comments (0)
Add Comment