ෆින්ච් ඇතුළු ඔස්ට්‍රේලියානු සුදු පන්දු ක්‍රීඩකයින් දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා තරග සංචාරයේ නිරත වූ ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් ඇතුළු සීමිත පන්දුවාර කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(26) පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව ගියා.

එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණා.(ඡායාරූප පහතින්)

මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, එක්දින තරගාවලියේ ජය තරග 3-2ක් ලෙස හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

SriLankan Airlines
SriLankan Airlines
SriLankan Airlines
SriLankan Airlines
Comments (0)
Add Comment