හෙට්මයර් කැදවමින් කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

එක්දින සංචිතය සදහා ශිම්රන් හෙට්මයර් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Alick Athanaze වෙනුවට ඔහුව සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකා සංචාරයට එක් වූ කොදෙව් සංචිතය හා සැසදීමේ දී වෙනත් කිසිදු වෙනස්කමක් සංචිතයට සිදු කර නැහැ.

හෙට්මයර් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ දෙසැම්බර් මාසයේදීයි. පෞද්ගලික හේතුවක් මත ඔහු නිමා වූ ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වුණා.

ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින වරම් දිනා ගත් 17 හැවිරිදි Jewel Andrew ද සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

හෙට(31) ආරම්භ වන කොදෙව් – එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරග දෙක Antigua හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි තරගය Barbados හී දී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

West Indies ODI squad: Shai Hope (c), Jewel Andrew, Keacy Carty, Roston Chase, Matthew Forde, Shimron Hetmyer, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd, Hayden Walsh Jr

Comments (0)
Add Comment