ආබාධයකට ලක්ව සිටි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව පාකිස්තාන නායක මොහමඩ් රිස්වාන් පවසනවා.
ඒ අනුව ඔහුට අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(19) පැවැත්වෙන සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු බවයි රිස්වාන් පෙන්වා දෙන්නේ.
තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.
පාකිස්තානයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී (පෙබරවාරි 8 වැනිදා) රවුෆ් මෙම ආබාධයට ලක් වුණේ පන්දු යවමින් සිටියදීයි.
අනතුරුව ඔහු එම තරගාවලියේ කිසිදු තරගයක් සදහා ක්‍රීඩා නොකළ නමුත්, මේ වන විට ඔහු හොදින් පුහුණුවීම් කටයුතුවල නිරත වන බවයි රිස්වාන් කියා සිටියේ.
තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය කරච්චිහීදී මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.