සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ (Zimbabwe Cricket’s director of cricket) හැමිල්ටන් මසකඩ්සා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ, ඇමෙරිකාවේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වෙන 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බාබ්වේ කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම පදනම් කර ගනිමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි මසකඩ්සා අදාළ ධූරයට පත් කෙරුණේ.
සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Dave Houghton ද මාස තුනකට පමණ පෙර සිය ධූරයෙන් ඉල්ලා අස් වූ පසුබිමක මසකඩ්සා ද මෙලෙස සිය ධූරයෙන් ඉවත් වීම කැපී පෙනෙනවා.
හැමිල්ටන් මසකඩ්සා සිය ඉල්ලා අස් වීමේ ලිපියෙහි මෙලෙස සදහන් කර තිබෙනවා.
“This decision has come about after careful consideration of the successes and failures of our cricket and my responsibilities,”
“As much as there has been a lot of progress in my tenure, the fact remains that we are the only Full Member nation not participating at the next T20 World Cup after our shock loss to Uganda.
“This was indeed one of the lowest points of my career and I take full responsibility as Director of Cricket.”