හස්නයින් සමග ගැටුණු ඩු ප්ලෙසිස් PSL තරගාවලියෙන් ඉවතට

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් සහ දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, පසුගිය ඉරිදා පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් අනතුර හේතුවෙන්.

පෙෂාවර් ඉනිමේ 7 වන පන්දුවාරයේ පන්දු රකිමින් සිටින අතරවාරයේ දී එම අනතුර සිදු වුණේ ඔහු හතරේ පහරක් නතර කිරීමට ගත් උත්සාහයකදීයි.

එහිදී සිය කණ්ඩායමේම ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හස්නයින් ද අදාළ හතරේ පහර නතර කිරීමට උත්සාහ කිරීමත් සමග ඔවුන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා.

පසුව වෛද්‍ය පරීක්ෂණ සදහා ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ තමා යළි හෝටලය වෙත පැමිණි බවයි.

තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් ඔහු යළි සිය රට බලා පිටත්ව යනු ඇති.

Comments (0)
Add Comment