එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 9 වැනි තරගයෙන් ලකුණු 111 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායම අද(20) සමත් වුණා.
ඔවුන් හමුවේ අබුඩාබි හී දී පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ Abu Dhabi Knight Riders කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස් කළා.
ඇලෙක්ස් හේල්ස් පන්දු 59 කින් ලකුණු 110 ක් රැස් කළ අතර, නායක කොලින් මන්රෝ ලකුණු 56(41) ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Knight Riders කණ්ඩායමට පන්දුවාර 15.1 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.
අන්ඩ්‍රි රසල් ලකුණු 57 ක් රැස් කළේ පන්දු 29 ක් පමණක් වැය කරමින්. ධනංජය ද සිල්වා ලකුණු 12 කටත්, චරිත් අසලංක ලකුණු නොලබාත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 21 කට කඩුලු 2 ක් බිද හෙලුවා.
[…] – Source – […]