බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මෑතකදී නිමා වූ කොදෙව් තරග සංචාරයෙන් පසුවයි ඔහු එම තීරණය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.
කොදෙව් සංචාරයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස ද, එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ද පරාජයට පත් වුණා.