කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු නියෝජනය කළ බාර්බඩෝස් රෝයල්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, අවසන් මහා තරගයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්. මෙවර තරගාවලියේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ද ක්‍රීඩා කළ නමුත්, ඇය අවසන් තරගයට එක් වූයේ නැහැ.
ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත්තා. Aaliyah Alleyne ලකුණු 21 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
චමරි අතපත්තු නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් රෝයල්ස් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පසුගිය තරග වාරයේ දී ද WCPL තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමයි.