හතුරුසිංහගේ සේවය අත්හිටුවයි

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔහුගේ සේවය පැය 48 කට අත්හිටුවා ඇති බවත්, ඔහුව සේවයෙන් පහ කිරීමට නියමිතව ඇති බවත් සදහන්.

ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමකයි පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ.

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Phil Simmons පත් කර තිබෙනවා.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීයි.

top
Comments (0)
Add Comment