සෙනුරන්ගේ කඩුලු 12 අපතේ යවමින් ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Match Report

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 346 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා A කණ්ඩායමට තරගයේ තෙවැනි දිනය වූ ඊයේ(14) දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

Keegan Petersen හා Senuran Muthusamy ලකුණු 29 බැගින් රැස් කළ අතර, Sinethemba Qeshile ලකුණු 23 කටත්, Dewald Brevis ලකුණු 20කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ, ලසිත් ඇඹුල්දෙණිය හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. ඩිල්ෂාන් මදුෂංක හා මිලාන් රත්නායක අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා පිතිකරුවන් ලකුණු 131 කට දැවී ගියා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 151 ක්. රමේෂ් මෙන්ඩිස් ලකුණු 46 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A ඉනිමට යම් ශක්තියක් එක් කළා.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 7ක් දවා ගත් Senuran Muthusamy දෙවැනි ඉනිමේ දී ලකුණු 53 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Comments (0)
Add Comment