සූර්යවංශි සමග බිහාර් පිල ලෝක වාර්තා උඩු යටිකුරු කරයි – බිහි වූ වාර්තා මෙන්න

List A ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ Bihar කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර Vijay Hazare කුසලානය යටතේ පැවැති තරගයකදී Arunachal Pradesh කණ්ඩායමට එරෙහිවයි.

රංචි හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bihar කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 574 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Arunachal Pradesh කණ්ඩායමට පන්දුවාර 42.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි.

මීට පෙර පිරිමි List A තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ඉන්දියාවේම Tamil Nadu කණ්ඩායමයි. Arunachal Pradesh කණ්ඩායමටම එරෙහිව 2022 වසරේදී Tamil Nadu කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 506 ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

කාන්තා හෝ පිරිමි දෙඅංශයේම List A ක්‍රිකට් තරග සැලකීමේදී Bihar පිල ලබා ගත් ලකුණු 574 දෙවැනි වන්නේ 2007 වසරේදී කුරුණෑගලදි පැවැති තරගයකදී Pushpadana Ladies කණ්ඩායමට එරෙහිව Kandyan Ladies Cricket සමාජය කඩුලු 4 ක් දැවී ලබා ගත් ලකුණු 632 ට පමණයි.

Bihar කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ විභව් සූර්යවංශි පන්දු 84 කින් ලකුණු 190 ක් ලබා ගත්තා. හයේ පහර 15 ක් හා හතරේ පහර 16 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහු ලකුණු 150 සීමාවට ළගා වූයේ පන්දු 59 කින්. එය ද නව ලෝක වාර්තාවක් වූයේ List A තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම ලකුණු 150 වීම හේතුවෙන්. මීට පෙර ඒ.බී. ඩි විලියස් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2015 වසරේදී පන්දු 64 කින් එම කඩඉමට ළගා වී තිබුණා.

මේ අතර, මෙම තරගයේදී බිහාර් නායක Sakibul Gani නොදැවී ලකුණු 128 ක් පන්දු 40 කින් රැස් කිරීම ද කැපී පෙනුණා. ඔහු පන්දු 32 කින් ශතකය සම්පූර්ණ කළ අතර, එය ඉන්දීය පිතිකරුවෙකු List A තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකයයි.

එමෙන්ම එය තෙවැනි වේගවත්ම List A ශතකය ද වනවා. මීට පෙර Jake Fraser-McGurk පන්දු 29 කින් ද, ඒබී ඩි විලියස් පන්දු 31 කින් ද ශතක රැස් කර තිබෙනවා.

මේ අතර, මෙම තරගයේදී බිහාර් පිල හයේ පහර 38 ක් එල්ල කළ අතර, එය List A තරගයකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වනවා. මීට පෙර මැලේසියාවට එරෙහිව කැනඩාව හයේ පහර 28 ක් එල්ල කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

Top 10 Highest Team Totals in List A History:

  1. 574/6 – Bihar vs Arunachal Pradesh (Ranchi, 2025)
  2. 506/2 – Tamil Nadu vs Arunachal Pradesh (Bengaluru, 2022)
  3. 498/4 – England vs Netherlands (Amstelveen, 2022) – World Record for ODIs
  4. 481/6 – England vs Australia (Nottingham, 2018)
  5. 458/4 – India A vs Leicestershire (Leicester, 2018)
  6. 453/3 – Titans vs North West (Potchefstroom, 2022)
  7. 445/8 – Nottinghamshire vs Northamptonshire (Nottingham, 2016)
  8. 444/3 – England vs Pakistan (Nottingham, 2016)
  9. 443/9 – Sri Lanka vs Netherlands (Amstelveen, 2006)
  10. 439/2 – South Africa vs West Indies (Johannesburg, 2015)
top
Comments (0)
Add Comment