ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් හෙට(5) දිනයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි බවට මේ වන විට දැනුම් දී ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ලොව අංක එකේ විස්සයි 20 පිතිකරු වන සූර්යකුමාර් අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි.
එනම්, දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි විස්සයි 20 තරගයේ දී යි. එම තරගයේ දී ඔහු ශතකයක් ද වාර්තා කළ නමුත්, එම තරගාවලියේ දී ඔහුගේ වළලුකර ප්‍රදේශයක ආබාධයක් සිදු වුණා.
එම ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා. එමෙන්ම පසුව සූර්යකුමාර් හර්නියා රෝගය සඳහා ද ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, එම නිසා ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා මෙතෙක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.