නවතම පන්දුවාර විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා.
ඒ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට එහි පළමු ස්ථානයේ පසු වූ ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් දෙවැනි ස්ථානයට ඇද දමමින්.
ට්‍රැවිස් හෙඩ් මීට පෙර පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ රැදී සිටි අතර, ඒ අනුව ඔහු පළමු ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
පිල් සෝල්ට් තෙවැනි ස්ථානය දක්වාත්, බාබර් අසාම් සිව්වැනි ස්ථානය දක්වාත්, මොහමඩ් රිස්වාන් 5 වැනි ස්ථානය දක්වාත්, එක් ස්ථානය බැගින් පසු බැස තිබෙනවා.