සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
අද(3) දහවල් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විතව මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් අවසන් සංචිතය සදහා නම් කර නැහැ.
වනිදු හසරංග එක්දින තරගාවලියේ පළමු තරග දෙක සදහා ක්‍රීඩා නොකරන බවයි උපුල් තරංග සදහන් කළේ. ඔහු මුහුණ දුන් ආබාධයක් නිසා ශල්‍යකර්මයකට ලක් කෙරුණු අතර, ඉන් ඔහු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතත්, ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට පෙර ඔහුට දේශීය තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට සිදු වන බව තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.
හිටපු නායන දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැදවීමටයි නව තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඇන්ජෙලෝ මැතිව්ස් හා ලහිරු කුමාරට (ආබාධයක් නිසා) මෙම එක්දින සංචිතයේ ස්ථාන හිමි වී නැහැ.
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි. 20යි 20 තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් මීට පෙර නිවේදනය කෙරුණු නමුත්, අවසන් සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.
එක්දින තරගාවලියේ හා 20යි 20 තරගාවලියේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එක්දින සංචිතය –
- Kusal Mendis – Captain
- Charith Asalanka – Vice Captain
- Pathum Nissanka
- Avishka Fernando
- Sadeera Samarawickrama
- Sahan Arachchige
- Nuwanidu Fernando
- Dasun Shanaka
- Janith Liyanage
- Wanindu Hasaranga
- Maheesh Theekshana
- Dilshan Madushanka
- Dushmantha Chameera
- Dunith Wellalage
- Pramod Madushan
- Akila Dananjaya
- Jeffrey Vandersay