ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව, The Major Club T20, Tier ‘B’ T20 හා Governors Trophy යන තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එම තරගාවලියන්ට අදාළ සංශෝදිත තරග කාලසටහන ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇති.