සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් මේ වන විට අසනීප වී අසාධ්‍ය තත්ත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
49 හැවිරිදි ඔහු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස බරපතල රෝගී තත්ත්වයෙන් පසුවන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට ලන්ඩන් නුවර සිට දකුණු අප්‍රිකාව බලා පැමිණෙමින් සිටින බව ද සදහන්.
සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශව ඔහුට ඉක්මන් සුවය පතන ලෙසට ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, ඇතැමුන් සදහන් කර ඇත්තේ ඔහුගේ ජීවිතය මේ මොහොතේ බේරා ගැනීමටනම් ආශ්චර්යක් සිදු විය යුතු බවයි.
සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.
සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. 2021 වසරේ දී දූෂන චෝදනා හේතුවෙන් හීත් ස්ට්‍රික්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් වසර 8 ක තහනමක් පනවනු ලැබුවා.